“අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ.” – දෙවැනි රාජසිංහයෝ
1630 වසරේදී ගැස්පා පිගෙයිරා වැනි කිතුණු පූජක වරුන් කොළඹ කොටුවේ පෘතුගීසි සෙනෙවි කොන්ස්තන්තීනුද සා වෙත මෙසේ සැල කළහ…
”ලක්දිව කිතු සස්න පිහිටුවීමට අප අසමර්ථ වම්හ…කන්ද උඩ රට රාජ්‍යයේ බුදු සස්න රැකෙයි.. ඒද හැකි නම් ගනුව…! එවිට අපගේ මනෝ රථය පූර්ණය වෙනු ඇති..!”..
බ්‍රැගන් සා ද මේ අසා කන්ද උඩ රට සිංහල රජු වූ සෙනරත් රජුගේ සීමා මායිම් වල ගම්මාන වලට පහරදී, පුරුෂයන් නසා, කුලවධූන් කෙළෙසා බලංගොඩ හරහා, මැද්දේගම්, ඉඹුල්පේ ආදී සියලු ස්ථානයන් ගිනි බත් කොට, සිද්ධස්ථාන පෝරු ගා දමා පැමිණෙන්නාහුය..
“අප හට පාඩුවේ සිටින්නට දුන මැනව” සෙනරත් රජු පරංගි වෙත කීප විටක්ම පණිවිඩ පත් යැවූයේ නිවට කමටයැයි පරංගින් දුරවබෝධ කර ගත්තේ, දිගටම රණ බිම් බැලූහ...ඌවේ රණ්දෙනිවෙලේදී සිංහල සේනා කැටිව ආ සෙනරත් පුත්, රණසුරු දෙවැනි රාජසිංහයෝ පරංගි තිස් දහසක් පෙති ගසා, මහ සෙනෙවි කොන්ස්තන්තීනුද සාගේ හිස රිටක අවුණා ගෙනවුත් මහළු පිය රජු පාමුල තැබුවේය…
අවසන එදෙස බැලූ රාජසිංහයෝ මෙසේ කීහ.. “සිංහල අප පාඩුවේ සිටිම්හ…අහිංසාම අනුදැන වදාරම්හ…එසේ වූ අපට පාඩුවේ ඉන්ට දෙන්නැයි අප තොපට කළ ඇවිටිලි කොතෙක්ද..? අප තොපට යැද්දාහුය…!…එහෙත් තොප මේ මාවතේම ආහ…තොපගෙන් පසුව එන්නෝද මේ මාවතේම එත් නම්, මේ ඉරණම අත් කර ගත් අන්තිමයා තොප නොවන්නේය….”
මේ අපේ අතීතයයි.. අපේ මුතුන් මිත්තන් අපිට ගෙන ආ අතීතයයි. තැලී පොඩි වුනත්, හැපී කුඩු වුනත්, නැවත ගොඩනැඟු අතීතයයි.
මගේ ප්‍රශ්නය,
ශ්‍රී ලාංකික අප,
එවන් වූම අනාගතයකට,
සුදානම් ද?
ගිහින් එන්නම්... අදට
මං
නිල් සමනලයා...