කාලයත් එක්ක ගීතය විකාසනය වුනා. වෙනස් වුනා. හැඩගැහුනා.... ලස්සන වුනා.. විනාස උනෙත් නැතුවම නෙවෙයි ඉතින්... අලුත් ගායකයන් ගේ අලුත් ගීත පරණ ඒවත් එක්ක සසදන්න බෑ කියල කවුදෝ කිවා ඇහුන මට බස් එකේදී. එත් ඒ කතාව බොරු කියල හිතුන මට මේ සින්දුව ඇහුවම එදාම ඒ බස් එකේදිම....
සින්දුව අහනවද? මෙතන ඔබන්න...
ආදරේ කියන්නේ මොකද්ද කියල එක එක කට්ටිය එක එක කතා කීවට හරියටම නිර්වචනයක් දීල නෑ කව්රුවත්ම.... මන් දන්නා තරමින්.... සින්දුව ගැන මං හිතන දේ කියන්නම්... එත් සමහර විට සින්දුව ලියපු කෙනා වත් මෙහෙම හිතන්න නැතුව ඇති.....
මන් නම් හිතන්නේ මේ සින්දුවේ කථකයා ඇත්තටම මේ කෙල්ලට ආදරේ කරනවා. ගොඩක්...
මට පිස්සු කියල ඔයාල හිතනවා ඇති.... මොකද මේ කොල්ල කෙලින්ම කියනවනේ
"නෑ කලේ කිසි දිනකදී ඔබ හට ආදරේ" කියලා.....
එත් ඇත්තටම හිතන්න එක කොල්ල කෙල්ලට කියන දෙයක්ද, නැත්තම් කොල්ලා තමන්ගේ හිත හදාගන්න හිතන දෙයක්ද ඒක? හිතන්න ඕන දෙයක් නේද? ආදරේ නැතිනම් ඒක පෙන්වනවා මිස කියා කියා දඟලන කොල්ලෝ දැකල තියෙනවද?
කවුද ඉංග්රීසි ලේඛකයෙක් කිවා "තමාට දැනුන නැති නම් වුනා කියල වත් ඔහු දන්නේ නෑ කියල..." (If someone says he didn't feel something, surely he don't even know about that"). කථකයා කියනවා ඔහු ට දැනුන නැතිලු ඇය ඔහුව අතහැරිය හැටි...
අන්තිම කෑල්ලට එන්නම්. කථකයාට දුක නැතිලු කෙල්ල අඬනකොට. එත් ඇත්තටම දුකක් නැති නම් එයා ඇයි දුකක් නෑ කියල කියන්නේ. දුකක් නැති නිසාමද? නැතිනම් වේදනාව තුනී කරගන්න ඕන නිසාද? එයා ඇස් රතු වෙනකල් ඇඩුව බව ඔහු දන්නේ ඇය අඩලා ඉවර වෙනකල් ඔහු බලන් හිටපු නිසා නෙවෙය් ද?
අර්ථය මෙහෙම ගන්න ලියපු කෙනා හිතන්න නැතුව ඇති. එත් ඒ පැත්තට අදහස යනවා නේද?
ඔහුට ඇය බැනපු වදන් ඇහුනේ නැතිලු ඔහුට. සදහන් නොවුනත් ඔහු බැනලා නෑ කියලා තේරුම් ගන්න පුළුවන්. ඇය බැනපුවා ඔහු ඇහුවේ නෑ. ඔහු ඇත්තටම ඇයට ආදරේ කලේ නැති නම් ඔහුට ඇයට බනින්න බැරිකමක් නෑ නේද?
ඔහු හිතනවා ඇය වෙනත් කාගේ හරි එක්ක යාලු වේවිද කියලා. ඔහු බයයි ගොඩක්. ඒ කෙනා තමන් ගේ යාලුවෙක් වේවිද කියල. ඔහු හිතන දේ තමයි එලියට දාන්නේ.
අන්තිමට ඔහු කියන්නේ ඇය දුන්න දේවල් ආපහු දෙන්නේ න කියලා. ඒ කියන්නේ ඇයගේ මතකයන්, සිහිවටන එක්ක ඔහු හැමදාමත් ජිවත් වෙනවා කියලා. ඒ හැමදෙයක්ම ඔහුට ඕනි කියලා. ඒකෙ අර්ථය,
ඔහු ඇයට ගොඩක් ආදරෙයි ආදරෙයි කියලා....
ගොඩක් දේවල් තියෙනවා හිතේ.. වෙලාවත් මදි. අත් දෙකත් රිදෙනවා.... දැනට නවතින්නම්.