නිදහස් අපේ නිදහසට පෙර අතීතයෙන් බිඳක්...

හෙට නිදහස් දවස...
කොඩියක් කාර් එකේ ගැහුවට,
දොරේ එල්ලුවට මදි...
නිදහසේ අරුත දැනගන්න ඕන ටිකක් හරි...
පත්තරේ බලද්දී මේක දැක්කේ දිවයිනේ... :) 
කියවලා බලන්න...
අදහසක් ගන්න.... 
මොකද,
අපි
ශ්‍රී ලාංකිකයෝ....
උඩරට ආරක්‌ෂක සංවිධානය තුළ රජුගේ කාර්යභාරය කන්ද උඩරට රාජධානිය හෙවත් මහනුවර රාජධානිය සිංහලයන්ගේ ස්‌වාධීනත්වය රැකගත් අවසාන රාජ්‍යය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ගිරි ශිඛර, කඳු පවුරු, වන ලැහැබ් සහ ඇළ දොළ ගංගාවලින් ආරක්‌ෂිත වු මහනුවර රාජධානි යුගය ලංකා ඉතිහාසයේ අඳුරු යුගය වශයෙන් ඇතැම් විද්‍යාර්ථී හු හඳුන්වතිs. ක්‍රි. ව. 1592 පළමුවැනි විමලධර්මසූරිය රජු කල ලංකාවේ අග්‍ර රාජධානිය බවට පරිවර්තනය විය. විශේෂයෙන්ම ක්‍රි. ව. 1594 - ක්‍රි.ව. 1815 දක්‌වා වූ වසර 345 කාලපරිච්ඡේදය තුළ උඩරැටියන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, වැනි නවීන යුද්ධ ශක්‌තියෙන් අනූන වූ යුරෝපීය අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ අනවරත ප්‍රහාරවලට අභීතව මුහුණ දෙමින් අවුරුදු 2000 වඩා පැරණි සිංහල රාජ්‍යයත්වයත්, ථෙරවාදී බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කරගනිමින් තමන්ට ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, සංගීතය, නැටුම්, චිත්‍ර සහ කලා ශිල්පාදී සංස්‌කෘතිකාංගයන් රැසක්‌ ලොවට දායාද කළහ.වරප්‍රසාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පහතරට ඇතමුන් අධිරාජ්‍යවාදීන්ගේ සමාජ ක්‍රමය, සමාජ හර පද්ධතීන් අනුගමනය කිරීමට පෙළඹුණ මෙකල සිංහල ශිෂ්ටාචාරයේ බුදු දහම කේන්ද්‍ර කොටගත් චිරාගත හර පද්ධතීන් සහ සිංහල සමාජ ක්‍රමය දිවි හිමියෙන් ආරක්‌ෂා කළේ ද උඩරට රාජධානියයි.

 උක්‌ත සාම්ප්‍රදායික දේශපාලන, සමාජ ,සංස්‌කෘතික ආයතන ආරක්‌ෂා කර ගනිමින් ස්‌වකීය නිදහස උදෙසා උඩරැටියන්ට තීරණාත්මක, භයංකර යුද්ධ ව්‍යාපාරවල නිරත වීමට සිදුවිය. මෙහිදී උඩරැටියන් ලැබු දන්තුරේ, බලන, ගන්නෝරුව වැනි ඓතිහාසික ජයග්‍රහණ කෙරෙහි ඔවුන් අනුගමනය කළ භූමියේ වාසිය පදනම් කොටගත් ගරිල්ලා යුධෝපක්‍රම මෙන්ම ක්‍රමික නිලබල ක්‍රමයක්‌ සහිත ආරක්‌ෂක සංවිධාන කටයුතු ද මහෝපකාරී විය. විශේෂයෙන්ම මෙහිදී රජුගේ කාර්යභාරය කැපී පෙනේ. මෙම ලිපිය තුළින් මහනුවර රාජධානි යුගයෙන් ආරක්‌ෂක සංවිධානය තුළ රජතුමාගේ කාර්ය භාරය පිළිබ`දව පරීක්‍ෂා කිරීමට අපේක්‌ෂිතය. මේ රජුගේ රාජබල මහිමය, මේ දේශයේ ස්‌වාභාවික ශක්‌තිය ආරක්‌ෂක ශක්‌තිය, උපාය ශක්‌තිය, හා යුද්ධ සේනා ශක්‌තිය යන මේ බලවේගයන්හි සහයෝගයෙන් , සමාවාසයෙන් හා සම්මිශ්‍රණයෙන් සමන්විත ඇත්තේය.... (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව, පිටු. 177) II රාජසිංහ රජු දවස උඩරට රාජධානියේ සිරකරුවකුව සිටි රොබට්‌ නොක්‌ස්‌ නම් ඉංග්‍රීසී ජාතිකයාගේ ප්‍රකාශයෙන් උඩරට ආරක්‌ෂක සංවිධානය සහ රජු අතර පවතින අවියෝජනීය බැ`දීම මනාව විශද වෙයි. සැබවින්ම නිලබල ක්‍රමයට අනුව සමස්‌ත උඩරට ආරක්‌ෂක සංවිධානයේ කේන්ද්‍රස්‌ථානය වූයේ රජතුමාය. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය පැවතියේද රජු සතුවය. සියලුම යුද්ධ නිලධාරීන් පත් කිරීමේ සහ ඔවුන් පහ කිරීමේ කාර්යයද ඔහු සතු විය. විශේෂයෙන්ම පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසී වැනි විදේශීය සහ දේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියාකරන මෙහෙයුම්වල මූලික සැලසුම් සකස්‌ කරන ලද්දේ රජු විසිනි. මේ ස`දහා ඔහුට උසස්‌ ප්‍රභූවරුන් මෙන්ම භික්‌ෂුන් වහන්සේලා ද සහය වූහ. රජුගේ ආරක්‌ෂක සැලසුම් ක්‍රියාගත කළ ප්‍රධාන සහ විවිධ විෂයීක රෙජිමේන්තු භාර නිලධාරීන් පහත දැක්‌වෙයි. අධිකාරම්වරු :- ප්‍රධාන සේනාපතිවරු දිසාවේවරු :- ප්‍රාදේශීය ආඥාපතිවරුන් රටේ මහත්වරු :- ගජනායක නිලමේ :- රාජකීය ඇත් පන්තියේ ප්‍රධානියා අතපත්තු නිලමේ :- රාජකීය අංගාරක්‌ෂක සේනාවේ ප්‍රධානියා මහලේකම් මහත්මයා :- ඔත්තු හා පණිවිඩ අංශයේ ප්‍රධානියා කොඩිතුවක්‌කු ලේකම් :- රාජකීය සැහැල්ලු කාලතුවක්‌කු අංශයේ ප්‍රධානියා බොන්ඩික්‌කුල ලේකම් :- රාජකීය විශාල යකඩ කාලතුවක්‌කු අංශයේ ප්‍රධානියා වෙඩික්‌කාර ලේකම් :- දේශීය සාමාන්‍ය තුවක්‌කු සේනාවේ ප්‍රධානියා වඩනතුවක්‌කුකාර ලේකම් :- ප්‍රවීණයන්ගේ තුවක්‌කු සේනාවේ ප්‍රධානියා දුනුකාර ලේකම් :- උඩරට දුනුවායන්ගේ සේනාවේ ප්‍රධානියා අස්‌පන්තියේ මුහන්දිරම් (- රාජකීය අශ්ව පන්තියේ ප්‍රධානියා මඩුවේ ලේකම් :- රජුගේ මාලිගාව සහ අගනුවර ආරක්‌ෂක හමුදාව භාර ප්‍රධානියා ආවුදයේ වන්නකු නිලමේ :- රාජකීය අයුධාගාර භාර ප්‍රධානියා සුදලියේ මුහන්දිරම් :- සුදලිය නම් අංගම් සටන් ගුරු කුළයේ ප්‍රධානියා මරුවල්ලියේ මුහන්දිරම් :- මරුවල්ලිය නම් අංගම් සටන් ගුරුකුළයේ ප්‍රධානියා (ඒ. ඩී. කරුණාතිලක, සෙංකඩගලපුර ඉතිහාසය, පි. 128) බොහෝවිට රජු ස්‌වකීය යුද්ධ සැලසුම් කට වචනයෙන් හෝ පණිවිඩකරුවන් අනුසාරයෙන් සේනාපතිවරුන්ට දන්වන ලදී. නව බල ඇණි ස්‌ථාපනය කිරීම, අනුචිත බලඇණි ඉවත් කිරීම (Disband) හෝ වෙනත් බල ඇණි සම`ග ඒකාබද්ධ කිරීම හෝ පවතින බල ඇණි තවදුරටත් ශක්‌තිමත් කිරීම සිදු කරන ලද්දේ රජු විසිනි. නිදසුන් ලෙස II රාජසිංහ රජදවස රාජකීය දඩ බල්ලන් භාරව සිටි සෙබළුන් කීර්ති රාජසිංහ රජු විසින් මඩුවේ කාර්යාංශයට මාරුකර හරින ලදී. එසේම පඩිකාර පෝරුව නොහොත් වේතන ලැබු සේනාංකයේ එක්‌ කණ්‌ඩායමකට අනුයුක්‌ත කර සිටි සෙබළුන්ගේ ප්‍රමාණය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 50 දක්‌වා වැඩි කරන ලදී. පෙර රජදරුවන් දවස එහි අනුයුක්‌ත කර සිටියේ 21 - 32 අතර පිරිසකි. (රැල්µa පීරිස්‌, සිංහල සමාජ සංවිධානය, පි. 98) රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයන්හි යෙදෙන සේනාපතිවරුන් සහ සෙබළුන් අත්අඩංගුවට ගෙන දේශෙද්‍රෝහී වීම යන චෝදනාව යටතේ මරණ ද`ඩුවම පැමිණවීම ද රජු අතින් සිදුවිය. මෙහිදී කුමන්ත්‍රණකරුවන් පමණක්‌ නොව ඇතැම්විට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, නිලධාරීන් සහ සෙAවක සේවිකාවන් ද සමූහ වශයෙන් උක්‌ත ද`ඩුවමට යටත් වීමට සිදුවිය. බොහෝවිට ප්‍රසිද්ධ ස්‌ථානවල මෙය සිදු කෙරිණි. මෙපරිද්දෙන් දේශෙද්‍රෝහී වීම යන චෝදනාව යටතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ක්‍රි. ව. 1812 පිළිමතලාවේ අධිකාරම් සහ ඔහුගේ හිතවතුන්ටත්, ක්‍රි.ව. 1814 ඇහැලේපොළ අධිකාරම්තුමාගේa පවුලේ සාමාජිකයන්ට මරණීය ද`ඩුවම් පමුණුවන ලදී. මීට අමතරව රාජකාරිය පැහැර හරින හෝ විනය විරෝධි ක්‍රියා සිදු කරන නිලධාරීන්ට සහ සෙබලුන්ට රජු අතින් ස්‌ථානෝචිත ද`ඩුවම් පමුණුවන ලදී. ඒවා අතර දඩ ගැසීම, සිරගෙයි ලෑම, ඉඩකඩම් දේපල රාජ සන්තක කිරීම, දුෂ්කර ව්‍යාපෘතිවල යෙදවීම සහ තදින් අවවාද කිරීම වැනි ද`ඩුවම් මූලික විය. සටනේ අදක්‌ෂ සෙබළුන්ට ලබාදුන් ද`ඩුවම් වූයේ නිරන්තර යුද්ධ පුහුණුවයි. මේ බව රොබට්‌ නොක්‌ස්‌ පෙරිද්දෙන් අවධාරණය කරයි. ර-ජුරුවන් විසින් යවන ලද යුද්ධ භටයන් ස්‌වකීය සංග්‍රාම කාර්යයේදී සාර්ථක ලෙස ක්‍රියා නොකළ බව රජුට පෙනී ගියහොත්, ඔවුන් එයින් පසුව ඉතා දුෂ්කර කාර්ය යොදවා බර වැඩ කරන්නට සැලැස්‌සීම නිසැක සිද්ධියකි. ඔවුන් සිය අවි නිසි පරිදි පරිහරණය නොකිරීමේ වරදට රජතුමා ඔවුන්හට දෙන ද`ඩුවම නම් නිරන්තර අවි හරඹ පුහුණුවයි. මෙම අවි හරඹ පුහුණුව ස`දහා බැහැරටම යා යුතුය. එසේ නැවති සිටිනතාක්‌ කල් ඔවුන්ගේ ආහාර පානාදිය පිළිබ`ද වියදම් ඔවුන් විසින්ම දැරිය යුතු වෙයි... (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව, පිටු. 183 - 184) ඇතැම්විට ඉලක්‌කගත මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිලධාරීන්ට රාජ උදහස ලැබ ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය. ක්‍රි.ව. 1803 ඉංග්‍රීසීන්ට අයත් හංවැල්ල බලකොටුව අත්පත් කර ගැනීමට නොහැකි වූ ලෙව්කේ දිසාවට සහ පලිපාන මොහොට්‌ටාල යන යුද්ධ නිලධාරීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්‌ව මරණීය දණ්‌ඩනයට යටත් වීමට සිදුවිය. 

තවද යුද්ධ පුහුණු ක`දවුරෙන් පලා යන අයවලුන් අත් අඩංගුවට ගැනීම ස`දහා රජු විසින් රාජ පුරුෂයන් පත් කරන ලදී. උක්‌ත ක්‍රියාමාර්ගවලින් රජු බලාපොරොත්තු වූයේ දක්‌ෂ, ස්‌වපක්‍ෂපාතී, විනයානුකූල සහ සංවිධානාත්මක සිංහල යුද්ධ හමුදාවකි. මෙම`ගින් වක්‍රාකාරව මහජනතාව ගේ පක්‍ෂපාතීත්වය ලැබුණි. ගරිල්ලා යුධෝපායික වශයෙන් වැදගත් ස්‌ථානවල වනාන්තර එළි කිරීම, පාලම් දැමීම, මාර්ග ඉදිකිරීම රජුගේ නියෝගයෙන් තහනම් කරන ලදී. මෙපරිද්දෙන් රජ අණින් කැලෑ කපා දැමීම නතර කිරීම හේතුකොට ගෙන යූරෝපීයන්ට සිදුවූ අපහසුතාවයන් බ්‍රිතාන්‍ය හෙන්රි මාර්ෂල් මෙලෙස පෙන්වා දෙයි. රටේ වැඩි කොටසක්‌ ගස්‌වලින් හා වන ලැහැබවලින් වැසී පවත්නා හෙයින් ආක්‍රමණික සතුරා වෙඩි වැදෙන මානයට පැමිණෙන තෙක්‌ ස්‌වදේශීන්ට සැ`ගව සිටිය හැකිය. (හෙන්රි මාර්ෂල්, සිංහලේ, පි. 35) දේශසීමාසන්න සහ රට අභ්‍යාන්තරයේ කපොලු දුර්ග, නගර සහ තොටුපල ආශ්‍රිත බලකොටු , මුරපොලවල්, සංවිධානය කිරීම සහ ඒවායේ නඩත්තුව ස`දහා යාබද ගම්මාන ප්‍රදානය කළේ ද රජු විසිනි. ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය අවි ආයුධ, සන්නාහ නිෂ්පාදනය කිරීම ස`දහා රාජධානිය පුරා කම්මල් පිහිටුවීම රජුගේ නියෝගයෙන් සිදුවිය. මන්දාරම්පුර පුවතෙහි පහත දැක්‌වෙන කවියෙන් පෘතුගීසීන් පැරදවීම ස`දහා ෂ විමලධර්මසූරිය රජුගේ නියෝගයෙන් උඩරට රාජධානිය පුරා අවි ආයුධ නිෂ්පාදන කම්මල් පිහිට වූ ආකාරය මොනවට පැහැදිලි වෙයි. 152. හම්බන්තොට ගිරිවාරි ඌව දෙදුම්බර බිම්තැන් නා සපරගමුව සහ සත් - මන්නාරම් තිබේ නා යකඩ ලොහෝ කම්හල් - එකසිය රිසැත්තෑ පමණ ව නා කරවා දහස්‌ ගණන් - නිරතුරු නක දන වැඩ කර නා හදිසි යුද්ධ අවස්‌ථාවකදී රාජකාරී ක්‍රමය යටතේ අතිරේක සෙබළුන් බ`දවා ගැනීම ස`දහා රජු විසින් වැඩි වශයෙන් හේවාගම්, රාජකාරි ඉඩම් සහ පරවේණි රාජකාරී ඉඩම් පවරන ලදී. මැලේ, නීග්‍රෝ යනාදී කුලී සෙබළුන් රජු විසින් රාජකීය භාණ්‌ඩාගාරය හරහා වේතන ගෙවන ලදී. නිලධාරීන් සහ සේනා පරිපාලනයට අමතරව ක්‍රමවත් ආරක්‌ෂක සංවිධානයක අත්‍යවශ්‍ය සාධක වන යුද්ධ පුහුණුව, යුධෝපකරණ නිෂ්පාදනය, සන්නිවේදන ඔත්තු සේවා සහ බලකොටු ඉදිකිරීමද රජුගේ නියෝගලත් නිලධාරීහු ක්‍රියාගත කළ බව පෙනේ. මීට අමතරව යුද්ධයකදී සෙබළුන්ට අවශ්‍ය වන අවි ආයුධ සහ ආහාර ද්‍රව්‍ය සපයන ලද්දේ රජුගේ අනුග්‍රහයෙනි. ඒ බව හෙන්රි මාර්ෂල් මෙලෙස පෙන්වා දෙයි. සිංහලේ රාජ්‍යයේ හෙවත් උඩරට යුද්ධ ආරක්‌ෂා සංවිධාන සම්බන්ධයෙහිලා නිලමෙවරු තම ඉඩම් සේවා භුක්‌තිය යටතේ භුක්‌ති වි`දි බවත්, ආඥා ලැබුණු විට තම නිලකාරයන් පිරිවරා රජුට සහාය වූ බවත් ස`දහන් කිරීම වැදගත්ය. එක්‌ එක්‌ නිලධාරියාට හෙවත් හේවායාට තුවක්‌කුවක්‌, පසළොස්‌ දිනකට සෑහෙන ආහාර ද්‍රව්‍ය හා බත් පිසීම පිණිස කුඩා මැටි බ`දුනක්‌ බැගින් සපයනු ලැබේ. දිවයිනේ නැගෙනහිර දෙසින් පැමිණ නිලකාරයෝ නිතරම දුනු හීගෙන සිටියහ. පසළොස්‌ දිනක යුද්ධ සේවය ස`දහා උඩරට හේවායකුට සැපයුණු මු`ඵ ආහාර තොගය කුරහන් පිටියෙන් කළ රොටී කීපයක්‌, හාල් ටිකක්‌, පොල් ගෙඩි කීපයක්‌ යන මෙයට සීමා විය...... (හෙන්රි මාර්ෂල්, සිංහලේ, පිටු. 34) විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙබලුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම, උපරිම සේවය ලබා ගැනීම සහ රාජපාක්‍ෂිකභාවය තහවුරු කිරීම ස`දහා රජු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ඒ අතර උසස්‌ වීම්, සන්නස්‌ හෙවත් රාජකීය දීමනා, නම්බුනාම, ගම්බිම් වරප්‍රසාද සහ අලංකාර සිහිවටන ලබාදීම ප්‍රමුඛස්‌ථානය ගනී. ද්‍රවිඩ කැරලිකරුවන්ට එරෙහිව මන්දාරම්පුර පුවත ජයගත් අවස්‌ථාවෙහි රණශූරයන්ට ෂ විමලධර්මසූරිය රජු විසින් ලබාදුන් ප්‍රදාන දැක්‌වෙන කවි පෙළක්‌ පහත දැක්‌වෙයි. 136. වීරසිහ ඇමතිහට සහ ගැති තිදෙ න අත්තන කුඹුර උඩුතුල් හොය ද හිම ව න සීතාමුදුන ඉම්කර වැටකේපත න නින්ද බුක්‌ති කරුණා පණතට දුන් න 142. වීරසූරි, දිවාරත්න ද හ`ඵවඩ න රාවණ කොඩිය, තොප්පිය සහ රන්වති න හේවාවසම වාසලදුරය සම`ගි න හ`ඵවඩනා නිලය ද වෙන වෙනම දු න (මන්දාරම් පුර පුවත,ලබුගම ලංකානන්ද හිමි, පිටු. 18) යුද්ධයකදී මිය යන සතුරකුගේ හිසකට මුදල් ත්‍යාගයක්‌ දීම ද මෙහි එක්‌ අගංයකි. විශේෂයෙන්ම සෙබළුන්ගේ සහ මහජනතාවගේ සිත්වල ඉහළ යුද්ධ මානසිකත්වයක්‌ ඇති කිරීම ස`දහා රජු විසින් අගනුවර ප්‍රසිද්ධ ස්‌ථානවල මහා යුද්ධ අභ්‍යාස, විජය මහෝත්සව (Triumph) හෙවත් ජය පෙරහැර සහ අංගම්පොර ක්‍රීඩා උත්සව සංවිධානය කරන ලදී. (පි. ඒ. පී. දැරණියගල, සිංහල ත්‍රාසජනක ක්‍රීඩා, පිටු. 7) II රාජසිංහ රජු දවස එලෙස සංවිධානය කරන ලද ජය පෙරහැරක්‌ පිළිබ`දව රොබට්‌ නොක්‌ස්‌ මෙලෙස දක්‌වයි. රජුගේ තුවක්‌කු ගබඩාවෙහි ලන්දේසීන්ගෙන් පැහැර ගන්නා ලද තුවක්‌කු හත අටක්‌ ඇත්තේය. මේ සුවිශාල තුවක්‌කු විසිතුරු කරන ලද යුද්ධ රථවල නංවා ඇත. ආරක්‌ෂාව ස`දහා සුරක්‌ෂිත ලෙස යුද්ධායුධ ආගාරයක තැන්පත් කොට ඇති මේ යුද්ධ තුවක්‌කු උත්සව දිනවලදී මහරජතුමා විසින් පාවිච්චි කරනු ලැබේ. මෙම තුවක්‌කුවලට වඩා අගනා වූ පිත්තලෙන් නිමවන ලද ලංකාවේ තුවක්‌කු එමට ඇතත් මෙම ඕලන්දක්‌කාර තුවක්‌කු මෙතරම් ආරක්‌ෂා සහිතව ප්‍රදර්ශනය පිණිස තබා ඇත්තේ, ස්‌වකීය යුද්ධ ජයග්‍රහන පිළිබ`ද ස්‌මාරක වස්‌තූන් වශයෙනැයි සිතමි. (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව,පිටු. 144) උක්‌ත අධ්‍යයනවලට අනුව සියවස්‌ තුනකට ආසන්න කාලයක්‌ උඩරට රාජධානිය සුරක්‌ෂිත කළ එහි උපායෝචිත, ක්‍රමික ආරක්‌ෂක සංවිධානය තුළ රජතුමා සතුව විශාල වගකීම් සමුදායක්‌ පැවති බව මෙම`ගින් නිගමනය කළ හැක. 

උපුටා ගැනීම - දිවයින