ජයන්ත චන්‍ද්‍රසිරි සිනමාවේදියාගේ අධ්‍යක්‍ෂණයෙන් "මහරජ ගැමුණු" සිනමා නිර්මාණයක් ලෙස ලාංකීය පේ‍්‍රක්‍ෂකයාට දායාද විය. ඉතිහාස කතන්දර සිනමාවට නැගීම විලාසිතාවක් කර ගත් යුගයක "මහරජ ගැමුණු" තුළින් සමාජයීය කියැවීමක් අපේක්‍ෂා කළේ එය "ගරිල්ලා මාකටිං", "සමනළ සංධ්වනිය" ආදිය ගෙනා සිනමාකරුවාගේ නිර්මාණයක් වූ නිසාවෙනි. එකී අපේක්‍ෂාව සපථ වූවා යැයි සිතමි. ඓතිහාසික චරිත කෙරෙහි වීරත්වය ආරෝපණය කිරීම සඳහා අතිශයෝක්තියෙන් ප‍්‍රයෝජන ගත් සෙසු ඓතිහාසික සිනමා නිර්මාණයන්ට පරමාදර්ශයක් සපයන්නට "මහරජ ගැමුණු" සමර්ථකම් පෑ බව ලියා තබනුයේ නිරාමිස සතුටකිනි.
පශ්චාත් යුද චිත‍්‍රපට කලාවක් තුළින් යුද විරුවන් නිර්මාණය කළ යුගයක ජයන්තගේ මෙම සිනමා නිර්මාණය තුළින් ද දුටුගැමුණු රජතුමා සිංහල බෞද්ධත්වය වෙනුවෙන් සටන් වැදුණු දමිළ විරෝධියෙකු කරනු ඇතැයි සහ එය වර්ගබේදවාදීන්ට උදම් ඇනිය හැකි කාරණයක් වනු ඇතැයි ද බොහෝ දෙනා අපේක්‍ෂා කළහ. ඒ දුටුගැමුණු රජතුමා පිළිබඳව කනින් කන අසා තිබූ කතන්දර හේතුවෙනි. සිනමාකරුවා මෙම තත්ත්වය කණපිට පෙරළන්නට සමත් වී ඇත. දුටුගැමුණු දමිළවිරෝධියෙකු නොව, සැබෑ මහරජෙකු බව විෂද කරන්නට නිර්මාණය තුළ ගත් උත්සහය අතිසාර්ථක වී ඇත.
වාර්ගික ගැටුමක් යුද්ධයෙන් සමථයකට පත් කරන ලදැයි සිතින් සිතා ගෙන ඒ පිළිබඳව උදම් අනන සමාජයකය, අප ජීවත් වන්නේ. නූතන දේශපාලන සංස්ථාවට "මහරජ ගැමුණු" පරමාදර්ශය සපයන්නේ ජයග‍්‍රහණයෙන් පසුව සිය ප‍්‍රතිවාදියාගේ යටත්වැසියන්ට ද සමාන අවස්ථා ලාභීත්වයක් හිමිකර දීමට ප‍්‍රතිඥා දීම තුළිනි. ජාතියක් යුද්ධයකට යොමු වන්නේ ඔවුන් සතු වන අවසාන මානුෂීය විකල්පය ද බල රහිත වීමෙන් පසුව ය. යුද්ධය යනු හදිසි කෝපයට කරන පිළියමක් නොවන බවත් යුද්ධයට පළමුව ඒ පිළිබඳව සිතිය යුතු පරිමාණය ගැනත් කාවන්තිස්ස රජු කරන ප‍්‍රකාශය වත්මන් යුදවාදීන්ට සහ යුද්ධය උත්කර්ශයට ලක් කරන ඊනියා මානවවාදීන්ටත් අතුල් පහරක් වැන්න.
යුද්ධය විනාශයක් බව සැබැවි. නමුත් අවසාන විකල්පය ලෙස යුද්ධය තෝරා ගත් පසුව යුද්ධයෙන් සිදුවන විනාශය හැකිතාක් අවම කිරීමට යුද නායකයන් පියවර ගත යුතු බව මේ හරහා අපිට උගන්වයි. සුදුසු තන්හි ප‍්‍රතිවාදියා පමණක් ඉලක්ක කිරීමත් ආයුද රහිත සිවිල් ජනයා කෙරෙහි අතිශය මානුෂික වීමත් තුළින් යුද්ධය තුළ වුව ද පවත්වාගෙන යා යුතු සංයමය පිළිබඳව ප‍්‍රතීයමාන කරයි.
දුටුගැමුණු - එළාර ද්වන්ද සටනෙන් අනතුරුව දුටුගැමුණු විසින් එළාරගේ හිස සිය ඇකයේ තබා ගෙන සිය ප‍්‍රතිවාදියාගේ දෑස් සියතින්ම වසාදැමීම වඩාත් සංවේදී අවස්ථාව යැයි මම හඟිමි. එක් මරණයක් නිසා රට පුරා රතිඤ්ඤා දල්වමින් කිරිබත් කෑ අපට අපේ ඓතිහාසික වීරවරයන් පරමාදර්ශයක් කරන්නට චිත‍්‍රපටය තුළ උපයුක්ත කර ගත් ඒ රූපරාමුව සැබැවින්ම ප්‍රඥාගෝචර ය. බුදුදහම රකින්නට චීවරය කැහිපොට ගසාගන්නා වත්මන් සංඝයාටද ධර්මානුකූලව ධර්මය රකිනු වස් සංඝ රත්නය උපක‍්‍රමශීලී විය යුතු ආකාරය පසක් කරන්නේ වෙයි.
යුද්ධය නම් සීතාම්බරයට මුවා වී ජීවන මිළ ඉහළ දැමූ යුගයක් තිබූ බව අපට මතක ය. ඒ මෑත වර්තමානය යි. දුටුගැමුණු යුද වදිද්දී සිය සොහොයුරු තිස්ස ගොවිතැන් කරන්නට පිටත් කර හරින්නේ යුද කරන්නටත් ආහාර අවශ්‍ය නිසා ය. යුද බිමට යන, නොයන සියලූම ජනතාවට යුද ගින්න සේම බඩගින්න ද දැනෙන නිසා ය. ස්වයං පෝෂිත ආර්ථිකයක් යුද සමය තුළ ගොඩනඟමින් "මහරජ ගැමුණු" අර්ථවත් කරන්නේ රාජ්‍ය පරිපාලනය තුළ අන්තර්ගත වන පුළුල් වපසරිය සහ රාජ්‍ය නායකයන් විසින් මනාව කළමනාකරණය කළ යුතු පරිපාලන ප්‍රතිපත්ති පිළිබඳව යි.
මාධ්‍ය සංදර්ශන පවත්වමින් වප් මඟුලය කුඹුරට බසින නූතන දේශපාලන නායකයින් වෙත හිද්දලයා ලෙස පෙනී සිටින ගැමුණු කුමාරයා පරමාදර්ශයක් ගෙනෙයි. ඔහු මඩ සෝදා ගනිමින් සැබෑ රජෙක් බවට පත් වෙයි. "රාජකුමාරයො බොරු කිව්වට ගොවියො බොරු කියන්නෙ නෑ." යනුවෙන් හිද්දලයා කරන ප‍්‍රකාශය ආ ගිය ලාංකීය දේශපාලන නායකකයින්ගේ පපුවට රිද්දන කනේ පහරක්ම වන්නේ ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණුගේ පුනරාගමනයක් ලෙසින් සැළකූ සමහර පිරිස් අපේක්‍ෂා කළේ සිය වන්දිබට්ට රාජකාරියේ තවත් භක්තිමත් සද්කර්තව්‍යයක් ලෙස "මහරජ ගැමුණු" විචාරයට ලක් කිරීමට යි. නමුත් අධ්‍යක්‍ෂකවරයාගේ ප‍්‍රතිභාව සහ මානවවාදීත්වය මත ඔවුහු අපේක්‍ෂා භංගත්වයට පත් වූහ. රාජපක්‍ෂ පාලනය පෙරළීමෙන් පසු "මහරජ ගැමුණු" සිනමාහලට ආගමනය වීම ද දෛවයේ සරදමක් වැන්න.
සමස්ත සිනමා නිර්මාණය විවෘතව විමසීම තුළින් හැඟී යන්නේ ඓතිහාසික කතන්දර සිනමාවට නගන්නන්ට මතු නොව, ලාංකීය දේශපාලනික, ආගමික හා සමාජයීය සංස්ථාවන්ට ද පරමාදර්ශයක් ගෙන එන්නට තරම් අපූර්වත්වයකින් "මහරජ ගැමුණු" පෝෂණය වී ඇති බව යි.

Referance : අච්චාරු කොලම