මේ පුන් පොහෝ දා...


අපි ජීවිතේ ආසා අලුත් දේවල් හිතන්න නෙවෙයි. පරණ ලස්සන මතක අස්සේ ජීවත් වෙන්න. ඒකයි තවමත් යාලුවෝ ටික සෙට් වුනාම කතාවෙන්නේ පරණ දේවල්.
"මචන් මතකද උබට අර කෙල්ල එක්ක යාළුවෙලා ඉද්දි මං?"
"එදා කෙස් එකක් ගියා මතකද?","උබට මතකද අපේ 2010 බැච් පාර්ටි එක?"
"මතකද අනේ ඔයාට මගේ පලවෙනි බෝයි ෆ්‍රෙන්ඩ්?"
"අනේ ඇයි ඔයාට ඉස්සර වගේ ඉන්න බැරි"
මේ වගේ දේවල් නෙවෙයිද අපි දැන් කතා වෙන්නේ ගොඩක් වෙලාවට? අපි ජීවත් වෙන්නේ අතීතයේ කියල කියන දේ ඇත්ත නේද?
අපි තනියම ඉන්නකොට කරන්නේ හීන මවන එක. වරදවා හිතන්න එපා අපි බලාපොරොත්තු වෙන දේවල් හීන මැවීමක් කියලා. හීන මැවීම අපි කරන්න ඕන. එත් එකේ ප්‍රමාණයක් තියෙනවා. අපිට කරන්න බැරි දේවල් හීන මව්වාම වෙන්නේ අපේ කාලය විනාශ වෙන එක විතරයි.
"මං මෙහෙමයි අර කෙල්ල එක්ක යන්නේ"
"මං මෙහෙමයි අරුට ගහන්නේ"
"මං මෙහෙමයි අර බෝයි ව මැරී කරන්නේ"
"මං මෙහෙමයි අතන ජොබ් එක ගන්නේ"
මෙහෙම හීන මවද්දී වෙලාවකට අපේ ඇත පයත් විසි වෙනවා. අපි කියනවා කියල හිතන දේවල් කියවෙනවා වෙලාවකට සද්දෙට. ඒ හීන දැකීමේ උච්චතම අවස්ථාවේදී. එත් ඒ හැමදෙයක්ම හීන නේද?
එත් අපි කරන්න ඕන මොනවද කියල හිතන්න. අතීතයෙන් පාඩම් අරගන, එත් අතීතයේ වුන වැරදි සහ අතීතයේ වුන දේවල් ගැන හිත හිත ඉන්නේ නැතිව වර්තමානය හරියට ගොඩනගාගතොත් අනාගනය අර හීන වලටට් වඩා ලස්සන කරගන්න පුළුවන් නේද?
චුට්ටක් හිතන්න, මේ පින්බර පෝය දවසේදී...