මං හැමදාමත් දැක්කේ වෙනස් දේවල් නේ...... ඉතින්..... හැමෝම අලුත් දේවල් ගැන හොයද්දි..... ඒ අලුත් දේවල් ගැන කරුණු හදාරද්දී.... මං ගියා පරණ දෙයක් කියල හිතන් ඉන්න, එත් මිනිස්සුන්ට ගොඩක් අලුත් දෙයක් වන දෙයක් ලගට....... ඒ තමයි අපි කන බත් පිගානේ බත් ඇට වල උපත......
බතේ කතාව.......
සමාවෙන්න.... මොකද මේකේ ඇතුලේ සම්පුර්ණ විස්තරයම නැති නිසා..... එත්, අවශ්‍ය බොහෝ කරුණු මෙතන තියෙනවා............
බත් වල උපත සිදු වෙන්නේ වී ඇටයකින්.... ඉතින් ඒ වී ඇටය බිහිවෙන හැටි තම,අය මං දැන් කියන්නේ.....
මේ තියෙන්නේ කුබුරක්..... මේකේ තමය් වී වැවෙන්නේ.... ගොයම් ගහක පින්තුරයක් නම ගන්න බැරි වුනා...... මේ ගොයමට නම පොඩි කරදරයක් වෙලා... |
පින්තුරේ දැක්කම පෙනෙනවානේ.... ටිකක් කරවෙලා වගේ ගතියක්.... ඒ වතුර හිග වුන නිසා...... මේ නිසා මේ සැරේ ගොයම ගොඩක් අඩුයිලු........ |
මේකේ තියෙන්නේ ගොයම් කපන එක.... එත් පෙනෙනවා අඩු ඇති... මොකද දුර ඉදන් නේ ගත්තේ...... |
මේ තියෙන්නේ ගොයම් කපල අරන් එන එක..... මේකේ තියෙනවා ගොයම් ගහත්..... රක අයින් කරන්න තමයි මේ ගෙනෙන්නේ.... |
ඔය පිදුරු ගොඩට කියන්නේ "කොලේ" කියල.... එකේ සමීප ෆොටෝ එකක් නම ගන්න බැරි වුන.... |
ඔය විදිහට විසුරන්නේ ඒවා පාගන්න..... |
ගොවියෝ මේකට දක්ෂ අය.... |
මෙහෙම තුනී කරලා ට්‍රැක්ටර් එක මේක උද යනවා.... ඉස්සරනම ගියේ ගවයෝ.... එහෙම ගියාම ගොයම් වලින්, ඒ කිව්වේ කරල් වලින් සහ ගහෙන් වෙන් වෙනවා වී ඇට..... |
මේ තමය අර ට්‍රැක්ටර් කරලා වෙන් කරපු වී පිදුරු අයින් කරලා ගන්න හැටි..... |
ඒ වී ඔක්කොම පිදුරු අයින් කරනවා.... |
මේ විදියට තමය බොල් වී වෙන් කරගන්නේ.... |
මේක ගොඩක් අමාරු වැඩක. මොකද මේ බොල් වී ඇස වලට එහෙම ගියාම අයින් කරන්න අමරුය්.... |
එහෙම වෙන් වෙන වී මේ වගේගොඩ කරනවා. |
මේ අම්පන්න වටේට තියන්නේ චාරිත්‍රයක් විදියට.... |
මේක හරිම ලස්සනය්. ඒ වගේම මේ වී වලින් ගොඩක් නැවුම් සුවදක් හමනවා. |
වී ගොඩ මුදුනෙන් මේ හක්ගෙඩිය තියන්නේ ඒ කලින් කියපු වතාවත් වලට අනුව. |
මේක තම වී මනින "බුසල"..... සාමාන්‍යයෙන් කිලෝ 23ක් විතර.....මේක අගල් 14 දිග පළල උස තියෙන එකක්.... |
මේ තම බුසලේ තියෙන ලාංචනය.... එක තියෙන්නේ මේ බුසල නිවැරදි මිම්මට අනුව අවසර සතිතව හදපු එකක් කියල සහතික කරන්න..... මේ බුසල නම මේ පාවිච්චි කරන්නේ එකේ 5 වන පරම්පරාව ලු..... |
කුබුර අයිතිකාර ගොවි මහතා මේ විදියට ඉස්සල්ලම වී කොටසක් වෙන් කරගන්නේ බුදුන්ට, දෙවියන්ට පුජා කරන්න...... |
ඒක මේ වගේ වී ගොඩේ හතර පැත්තෙන්ම ගන්නවා...... |
ඊට පස්සේමේ විදියට ඒ වී ගොදවලින් වී අරන් බුසලට පුරවනවා..... |
මෙහෙම කරනවට කියන්නේ "වී කපනවා" කියලා.... |
බුසලේ මුදුනට හරියට මට්ටම වෙන්න ඒක කරනවා..... |
මේ විදියට ඊට පස්සේ ඒ වී ටික මලු වලට පුරවනවා...... |
මී තියෙන්නේ ඒ වගේ ගත්තු වී ටිකක්......... |
ගොඩක් දිග කතන්දරයක් තමය මං ගොඩක් සංක්ෂිප්ත කරලා කීවේ.... මේක පෙනෙන තරම් ලේසි, ඉක්මන් වැඩක නම නෙවෙය්.......................
මං ඔයාගෙම
චාම්.............