අවසන් හුස්ම හෙළයි බෝගම්බර සිපිරි ගෙය...

අද අපි සෙට් එක බෝගම්බර බන්ධනාගාරයට ගියා... පල්ලෙකැලේ තියෙන "දුම්බර බන්ධනාගාරයට" මේ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් යවලා. දැන් මහජන ප්‍රදර්ශනයට විවෘතයි මේක...
මේක හදල තියෙන්නේ ඉස්සර බෝගම්බර වැව තිබුන ප්‍රදේශයේ. මෙතන තවමත් ඇහැලේපොල කුමාරිහාමි ගොඩ ගත්තු තැන තියනවා.
කටකතාවක් තියෙනවා මෙතන නිධානයක් තියෙනවය කියල... එක ගන්නලු මෙතන බන්ධනාගාරය අයින් කලේ.. ම්ම්... මේ තියෙන්නේ අපි ගත්තු ෆොටෝ ටිකක්...

ඇරඹුම

වදනක්

උයපු උපාංග


කුස්සියේ ලිප



පඩිපෙළක්

පඩිපෙලක්



සිතිවිලි

අසහනය

සෙල්ලම්

අසහනය (2)

අනාගත වාක්‍ය

යථාර්තය

හිටපු අය

අනාගත වාක්‍ය (2)

වැලිකඩින් කොපියක්

චිත්‍ර





ලියවැල්
 

විනය

ඉල්ලීම්


පන්සල 

බෝධිය

එල්ලුම් ගහට පෝලිම

ගල් කපපුවා

සරදියෙල් රඳවා සිටි කුටිය

රෝහල

රෝහල අවට

රෝහල අවට


නාන ටැංකිය

මේවා දැක්කම පිස්සු හැදෙනවා....

පෙම්වතුන්ගේ දිනයට එහා ගිය යමක්....



ලොව ප්‍රථම රහත් සඟ සමුළුව පැවැත්වූ නවම් පුර පොහෝ දිනය


අද නවම් පුරපසළොස්වක පොහෝ දිනයයි. මෙම උතුම් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අද ඔබ සිල්සමාදන්ව සිටිනවා විය හැකිය. නැතිනම් වෙනත් ආගමික සද්ක්‍රියාවක නිරත වෙමින් සිටිනවා විය හැකිය. අඩුම තරමින් ආගමික වතාවත් සඳහා විහාරස්ථානයකට පැමිණි කෙනෙක් විය හැකිය. මේ සියලු යහපත් ක්‍රියාවන් සඳහා ඔබ උනන්දු කරවා ඇත්තේ අද දිනයෙහි ඇති සුවිශේෂි භාවයයි.

සාමාන්‍ය දිනයකදී දැකගත නොහැකි ආගමික ජීවිතයක් සඳහා ඔබ මෙහෙයවා ඇත්තේ අද දිනය විසිනුයි. මෙම පසළොස්වක් පොහොය දිනය බෞද්ධයන් වූ අපට ඉතා වැදගත් වීමට කැරණු කීපයක් හේතු වී තිබේ. එම කරුණු නැවත සිහිපත් කර ගැනීම ඔබේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වඩ වඩාත් දියුණුවීම සඳහා මහෝපකාරී වනු ඇත.

නවම්පුර පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් වන්නේ කුමක් නිසාදැයි මැනවින් විමසා බැලිය යුතු කරුණකි. සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ අද වැනි දිනකය. රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත. ක්‍රියාශීලී, විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි. 

භික්‍ෂූන් වහන්සේලාගේ ශාසනික සේවය බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අගය කිරීමක් මෙහිදී සිදුවී ඇති බව සඳහන් කළ යුතු වේ. අද ද බහුල වශයෙන් සිදුවන පසුකාලීනව ශාසනික පදවි ප්‍රදානයෙහි ආරම්භක අවස්ථාව හැටියට මෙය සැලකිය හැකිවේ. ඒ අනුව දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගොස් තිබූ වේළුවනාරාම මහා විහාරයේ දී අද වැනි නවම් පුන් පොහෝ දිනයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සඳහා අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් මහා සෘද්ධිලාභී මුගලන් මහරහතන් වහන්සේ වමත් ශ්‍රාවකයන් වහන්සේ ලෙසත් තථාගතයන් වහන්සේ විසින් මෙහිදී පත්කොට වදාළ සේක. මේ සඳහා මෙම මහරහතන් වහන්සේලා දෙනම සංසාරිකව කරන ලද විවිධ පින්කම් පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ විසින් මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමු කළ ආකාරය පිළිබඳ තොරතුරු දැක්වේ.

නවම් පුන් පොහෝ දිනයෙහි ශාසනික වැදගත්කම වැඩිවීම සඳහා තවත් ඉතා වැදගත් කරුණක් පිළිබඳව ද තොරතුරු දැක්වේ. එනම් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේසනා කිරීමයි. අල්පායුෂ්ක වූ බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි ප්‍රථම බෝධියේදී එබඳු සියලු බුදුවරයන් වහන්සේලාගෙන් මෙම අනුශාසනය අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බව සඳහන්ව තිබේ. ප්‍රථම බෝධිය ලෙස හඳුන්වනු ලබන්නේ සම්බුදු සසුනෙහි ප්‍රථම විසි වසරයි. මෙම කාලය තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමෙහි කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේලා බහුල වූ බව පෙනී යයි. “ඛන්ති පරමං තපෝ තිතික්ඛා” යනාදී ගාථා තුනක් ඕවාද ප්‍රාති මෝක්ෂය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළහ. මෙය හය මසකට, තෙමසකට හෝ මසකට වරක් භික්‍ෂූන් එක්රැස්ව දේශනා කිරීම සඳහා නියමව පැවතිණි. ප්‍රථම විසි වසට මෙය ප්‍රමාණවත් වුවත් ඉන් පසු කාලය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ආනා ප්‍රාතිමෝක්ෂය දේශනා කළා පමණක් නොව දස විධ හේතූන් නිමිති කොට ගෙන විනය ශික්‍ෂා පැනවීමද සිදුකළ අයුරු ත්‍රිපිටක සාහිත්‍ය මඟින් ප්‍රකට කර ඇත.තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ද සිදුකොට වදාරන ලද්දේ අද වැනි නවම් පුන් පොහෝ දිනයක ය.

ඉතා සංවේග දායි අවස්ථාවක් වූ මෙයින් ප්‍රකට වන්නේ මෙතෙක් කළකින් පිරිනිවන් පාන්නේ යැයි කාලය තීරණය කොට ප්‍රකාශ කිරීමය. මෙම මොහොතේ එම ප්‍රකාශයත් සමඟ මහා පෘථිවිය කම්පා වී ගිය ආකාරය පිළිබඳ තොරතුරු සඳහන් වේ. මේ අනුව බොදුනුවන් වූ අපි එක් අතකින් අද දිනය ඉතා සංවේගයෙන් යුතුව සිහිපත් කළ යුතු වේ. කල්පයක් ජීවත්ව වැඩ වසන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීම සඳහා අනඳ තෙරුන් වහන්සේට අමතකවීම නිසා මාරයා පැමිණ පිරිනිවන් පෑම සඳහා කරන ලද ආරාධනය පිළිගැනීමට බුදුරජාණන් වහන්සේට සිදුවී ඇති ආකාරය අපේ ධර්ම සාහිත්‍ය සංවේගයෙන් යුක්තව අනාවරණය කර තිබේ.

මෙබඳු වැදගත් ශාසනික සිදුවීම් කීපයක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ ඇති විශේෂිත වූ වැදගත්කම පිළිබඳව අපි මෙතෙක් විමසා බැලුවෙමු. බුදුසිරිත හා සම්බන්ධ ඉතා සංවේගදායි දිනයක් ලෙසත් ශාසනයෙහි චිර පැවැත්ම සඳහාත් ඉවහල් වන විනය නීති රීති පැනවීමෙහි ආරම්භක දිනය වශයෙනුත් භික්‍ෂූන් වහන්සේලා වෙත තනතුරු ප්‍රදානය කිරීමේ ආරම්භක දිනය වශයෙනුත් අපි අද දිනය පිළිබඳව සිහිපත් කරන්නෙමු.

අද මේ උතුම් පොහෝ දිනයෙහි ඔබේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ නව මහා බුදුගුණයන් අතර දෙවෙනි ස්ථානයෙහි ලා ගැනෙන සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවය. ඉතා නිවැරැදිව ඉතා පැහැදිලිව තම අත්ලෙහි ඇති දෙයක් සේ කිසිවකුගේ උපදේසයක් හෝ ඉගැන්වීමක් නැතිව තමන් වහන්සේ විසින් ම තුන් කාලයට අයත් වුවත් අයත් නොවූවත් සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලැබේ.

බුද්ධ යන වචනයෙහි තේරුම වන්නේ ‘දන්නා’ යන්නයි. එසේ දන්නා අය එම දැනුම වෙනත් අයගේ උපදෙස් ඇතිව ලබාගන්නා අතර, තම ශක්තියෙන් ද එම දැනුම පුළුල් කර ගනු ලැබේ. එසේ වෙනත් අයගෙන් අසා දැනගත් අය බුද්ධ යනුවෙන් හැඳින්වේ. අන් අයගේ උපකාරයකින් තොරව ස්ව ශක්තියෙන් දැනුම ලබන්නා වූ උතුමන් සම්මා සම්බුද්ධ නම් වේ. මෙම සම්මා සම්බුද්ධ යන නමින් හඳුන්වනු ලබන්නේ පසේ බුදුවරයන් වහන්සේලා හා ලොව්තුරු බුදුවරයන් වහන්සේලා පමණි. සම්මා සම්බුද්ධ නමින් හඳුන්වනු ලැබුවද පසේ බුදුවරයන් වහන්සේලා සියල්ල දන්නා බවක් නොකියවේ. සියල්ලම නිවැරදිව පැහැදිලිවම දන්නේ ලොව්තුරා බුදුවරයන් වහන්සේලායි. ඒ අනුව ලොව්තුරා බුදුවරයන් වහන්සේලාම සම්මා සම්බුද්ධ වන බව අපේ බණ පොත පැහැදිලි කරනු ලැබේ.

මෙහි මුලින් සඳහන් ගාථා පාඨයෙහි මෙම සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව විස්තරයක් ඇතුළත්ව ඇත. “කිසියම් පුද්ගලයෙක් වෙනත් කිසිවෙකුගෙන් නොඅසා ස්ව ශක්තියෙන්ම ස්ඛන්ධාදී ධර්ම විෂයෙහි චතුස් සත්‍ය දැනගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳවම සත්‍ය දැනගැනීම් වස් සර්වඥත්වයට පැමිණේ ද බලයන් හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ” නම් වේ. යනු එහි අදහසයි.

මේ අනුව පෙනී යන කාරණය වන්නේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද පාරමිතා කුසල බලයෙන් කිසිවෙකුගෙන් නොඅසා ඒ උතුම් ධර්මය උන්වහන්සේට අවබෝධ කළ හැකි වූ බවයි. කිසිදු අඩුවකින් තොරව දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන උතුම් සත්‍ය අවබෝධයත් එනිසාම සර්වඥතා ඤාණයත් ලබාගත් අතර ඒ සමඟම දසබල ඤාණ බලයද ලැබීමෙන් අනතුරුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය පෙළ දහමින් විස්තරකොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අනාවරණ ඥානය ලෙසින් ද හඳුන්වන අතර උන්වහන්සේට එම ඥානයෙන් ආවර්ජනය කෙරෙන සියල්ලම ඉතා පිරිසුදුව දැකිය හැකි වේ. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් සීමා වූ ඥානයක් බව සඳහන් වේ. එසේම තථාගතයන් වහන්සේ දසබල ඤාණයකින් යුක්ත බව ද පෙළ දහම මගින් අනාවරණය කර ඇත.

පළමුවන තථාගත බලය (ස්ථානස්ථාන දන්නා නුවණ)

දෙවන තථාගත බලය (කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ)

තුන්වන තථාගත බලය (සර්වත්‍ර ගාමිණී ප්‍රතිපත්ති දන්නා නුවණ)

හතරවන තථාගත බලය (අනේකධාතු, නානාධාතු ලෝකදන්නා නුවණ)

පස්වන තථාගත බලය (සත්වයන්ගේ නානාධි මුක්තිකත්වය දන්නා නුවණ)

හයවන තථාගත බලය (සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන්හි දියුණු නොදියුණු බව දන්නා නුවණ)

හත්වන තථාගත බලය (ධ්‍යානාධීන්ගේ සංක්ලේෂාදිය දන්නා නුවණ)

අටවන තථාගත බලය (අතීත ජාතිය දන්නා නුවණ)

නවවන තථාගත බලය (සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ)

දහවන තථාගත බලය (ආසවක්ඛය ඥානය)

මෙම ඥාන බලයන් හැරෙන්නට තථාගතයන් වහන්සේට ලොව අන් කිසිවෙකුටත් සමකළ නොහැකි කාය බලයක් තිබූ බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කර ඇත.

මෙහිදී අප විසින් ඔබේ අවධානයට ලක්කළ සම්මා සම්බුද්ධ බුදුගුණයට අදාළ වූ ඉහත කරුණු එකඟ සිතින් මෙනෙහි කිරීම ඔබේ සැදැහැ බැතියත් ගුණ නුවණත් වර්ධනය කර ගැනීමට හේතු වනවා ඇත. මෙම උතුම් බුදුගුණය මෙනෙහි කිරීම තුළින් ලබන මහා පින් බලයෙන් නිවන් සුව පසක් කර ගැනීමට අධිෂ්ඨානය කර ගනිමු.

පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි
බුදුසරණ පුවත්පතෙනි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින

නිදහස් අපේ නිදහසට පෙර අතීතයෙන් බිඳක්...

හෙට නිදහස් දවස...
කොඩියක් කාර් එකේ ගැහුවට,
දොරේ එල්ලුවට මදි...
නිදහසේ අරුත දැනගන්න ඕන ටිකක් හරි...
පත්තරේ බලද්දී මේක දැක්කේ දිවයිනේ... :) 
කියවලා බලන්න...
අදහසක් ගන්න.... 
මොකද,
අපි
ශ්‍රී ලාංකිකයෝ....
උඩරට ආරක්‌ෂක සංවිධානය තුළ රජුගේ කාර්යභාරය කන්ද උඩරට රාජධානිය හෙවත් මහනුවර රාජධානිය සිංහලයන්ගේ ස්‌වාධීනත්වය රැකගත් අවසාන රාජ්‍යය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ගිරි ශිඛර, කඳු පවුරු, වන ලැහැබ් සහ ඇළ දොළ ගංගාවලින් ආරක්‌ෂිත වු මහනුවර රාජධානි යුගය ලංකා ඉතිහාසයේ අඳුරු යුගය වශයෙන් ඇතැම් විද්‍යාර්ථී හු හඳුන්වතිs. ක්‍රි. ව. 1592 පළමුවැනි විමලධර්මසූරිය රජු කල ලංකාවේ අග්‍ර රාජධානිය බවට පරිවර්තනය විය. විශේෂයෙන්ම ක්‍රි. ව. 1594 - ක්‍රි.ව. 1815 දක්‌වා වූ වසර 345 කාලපරිච්ඡේදය තුළ උඩරැටියන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, වැනි නවීන යුද්ධ ශක්‌තියෙන් අනූන වූ යුරෝපීය අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ අනවරත ප්‍රහාරවලට අභීතව මුහුණ දෙමින් අවුරුදු 2000 වඩා පැරණි සිංහල රාජ්‍යයත්වයත්, ථෙරවාදී බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කරගනිමින් තමන්ට ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, සංගීතය, නැටුම්, චිත්‍ර සහ කලා ශිල්පාදී සංස්‌කෘතිකාංගයන් රැසක්‌ ලොවට දායාද කළහ.වරප්‍රසාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් පහතරට ඇතමුන් අධිරාජ්‍යවාදීන්ගේ සමාජ ක්‍රමය, සමාජ හර පද්ධතීන් අනුගමනය කිරීමට පෙළඹුණ මෙකල සිංහල ශිෂ්ටාචාරයේ බුදු දහම කේන්ද්‍ර කොටගත් චිරාගත හර පද්ධතීන් සහ සිංහල සමාජ ක්‍රමය දිවි හිමියෙන් ආරක්‌ෂා කළේ ද උඩරට රාජධානියයි.

 උක්‌ත සාම්ප්‍රදායික දේශපාලන, සමාජ ,සංස්‌කෘතික ආයතන ආරක්‌ෂා කර ගනිමින් ස්‌වකීය නිදහස උදෙසා උඩරැටියන්ට තීරණාත්මක, භයංකර යුද්ධ ව්‍යාපාරවල නිරත වීමට සිදුවිය. මෙහිදී උඩරැටියන් ලැබු දන්තුරේ, බලන, ගන්නෝරුව වැනි ඓතිහාසික ජයග්‍රහණ කෙරෙහි ඔවුන් අනුගමනය කළ භූමියේ වාසිය පදනම් කොටගත් ගරිල්ලා යුධෝපක්‍රම මෙන්ම ක්‍රමික නිලබල ක්‍රමයක්‌ සහිත ආරක්‌ෂක සංවිධාන කටයුතු ද මහෝපකාරී විය. විශේෂයෙන්ම මෙහිදී රජුගේ කාර්යභාරය කැපී පෙනේ. මෙම ලිපිය තුළින් මහනුවර රාජධානි යුගයෙන් ආරක්‌ෂක සංවිධානය තුළ රජතුමාගේ කාර්ය භාරය පිළිබ`දව පරීක්‍ෂා කිරීමට අපේක්‌ෂිතය. මේ රජුගේ රාජබල මහිමය, මේ දේශයේ ස්‌වාභාවික ශක්‌තිය ආරක්‌ෂක ශක්‌තිය, උපාය ශක්‌තිය, හා යුද්ධ සේනා ශක්‌තිය යන මේ බලවේගයන්හි සහයෝගයෙන් , සමාවාසයෙන් හා සම්මිශ්‍රණයෙන් සමන්විත ඇත්තේය.... (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව, පිටු. 177) II රාජසිංහ රජු දවස උඩරට රාජධානියේ සිරකරුවකුව සිටි රොබට්‌ නොක්‌ස්‌ නම් ඉංග්‍රීසී ජාතිකයාගේ ප්‍රකාශයෙන් උඩරට ආරක්‌ෂක සංවිධානය සහ රජු අතර පවතින අවියෝජනීය බැ`දීම මනාව විශද වෙයි. සැබවින්ම නිලබල ක්‍රමයට අනුව සමස්‌ත උඩරට ආරක්‌ෂක සංවිධානයේ කේන්ද්‍රස්‌ථානය වූයේ රජතුමාය. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය පැවතියේද රජු සතුවය. සියලුම යුද්ධ නිලධාරීන් පත් කිරීමේ සහ ඔවුන් පහ කිරීමේ කාර්යයද ඔහු සතු විය. විශේෂයෙන්ම පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසී වැනි විදේශීය සහ දේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව ක්‍රියාකරන මෙහෙයුම්වල මූලික සැලසුම් සකස්‌ කරන ලද්දේ රජු විසිනි. මේ ස`දහා ඔහුට උසස්‌ ප්‍රභූවරුන් මෙන්ම භික්‌ෂුන් වහන්සේලා ද සහය වූහ. රජුගේ ආරක්‌ෂක සැලසුම් ක්‍රියාගත කළ ප්‍රධාන සහ විවිධ විෂයීක රෙජිමේන්තු භාර නිලධාරීන් පහත දැක්‌වෙයි. අධිකාරම්වරු :- ප්‍රධාන සේනාපතිවරු දිසාවේවරු :- ප්‍රාදේශීය ආඥාපතිවරුන් රටේ මහත්වරු :- ගජනායක නිලමේ :- රාජකීය ඇත් පන්තියේ ප්‍රධානියා අතපත්තු නිලමේ :- රාජකීය අංගාරක්‌ෂක සේනාවේ ප්‍රධානියා මහලේකම් මහත්මයා :- ඔත්තු හා පණිවිඩ අංශයේ ප්‍රධානියා කොඩිතුවක්‌කු ලේකම් :- රාජකීය සැහැල්ලු කාලතුවක්‌කු අංශයේ ප්‍රධානියා බොන්ඩික්‌කුල ලේකම් :- රාජකීය විශාල යකඩ කාලතුවක්‌කු අංශයේ ප්‍රධානියා වෙඩික්‌කාර ලේකම් :- දේශීය සාමාන්‍ය තුවක්‌කු සේනාවේ ප්‍රධානියා වඩනතුවක්‌කුකාර ලේකම් :- ප්‍රවීණයන්ගේ තුවක්‌කු සේනාවේ ප්‍රධානියා දුනුකාර ලේකම් :- උඩරට දුනුවායන්ගේ සේනාවේ ප්‍රධානියා අස්‌පන්තියේ මුහන්දිරම් (- රාජකීය අශ්ව පන්තියේ ප්‍රධානියා මඩුවේ ලේකම් :- රජුගේ මාලිගාව සහ අගනුවර ආරක්‌ෂක හමුදාව භාර ප්‍රධානියා ආවුදයේ වන්නකු නිලමේ :- රාජකීය අයුධාගාර භාර ප්‍රධානියා සුදලියේ මුහන්දිරම් :- සුදලිය නම් අංගම් සටන් ගුරු කුළයේ ප්‍රධානියා මරුවල්ලියේ මුහන්දිරම් :- මරුවල්ලිය නම් අංගම් සටන් ගුරුකුළයේ ප්‍රධානියා (ඒ. ඩී. කරුණාතිලක, සෙංකඩගලපුර ඉතිහාසය, පි. 128) බොහෝවිට රජු ස්‌වකීය යුද්ධ සැලසුම් කට වචනයෙන් හෝ පණිවිඩකරුවන් අනුසාරයෙන් සේනාපතිවරුන්ට දන්වන ලදී. නව බල ඇණි ස්‌ථාපනය කිරීම, අනුචිත බලඇණි ඉවත් කිරීම (Disband) හෝ වෙනත් බල ඇණි සම`ග ඒකාබද්ධ කිරීම හෝ පවතින බල ඇණි තවදුරටත් ශක්‌තිමත් කිරීම සිදු කරන ලද්දේ රජු විසිනි. නිදසුන් ලෙස II රාජසිංහ රජදවස රාජකීය දඩ බල්ලන් භාරව සිටි සෙබළුන් කීර්ති රාජසිංහ රජු විසින් මඩුවේ කාර්යාංශයට මාරුකර හරින ලදී. එසේම පඩිකාර පෝරුව නොහොත් වේතන ලැබු සේනාංකයේ එක්‌ කණ්‌ඩායමකට අනුයුක්‌ත කර සිටි සෙබළුන්ගේ ප්‍රමාණය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 50 දක්‌වා වැඩි කරන ලදී. පෙර රජදරුවන් දවස එහි අනුයුක්‌ත කර සිටියේ 21 - 32 අතර පිරිසකි. (රැල්µa පීරිස්‌, සිංහල සමාජ සංවිධානය, පි. 98) රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයන්හි යෙදෙන සේනාපතිවරුන් සහ සෙබළුන් අත්අඩංගුවට ගෙන දේශෙද්‍රෝහී වීම යන චෝදනාව යටතේ මරණ ද`ඩුවම පැමිණවීම ද රජු අතින් සිදුවිය. මෙහිදී කුමන්ත්‍රණකරුවන් පමණක්‌ නොව ඇතැම්විට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, නිලධාරීන් සහ සෙAවක සේවිකාවන් ද සමූහ වශයෙන් උක්‌ත ද`ඩුවමට යටත් වීමට සිදුවිය. බොහෝවිට ප්‍රසිද්ධ ස්‌ථානවල මෙය සිදු කෙරිණි. මෙපරිද්දෙන් දේශෙද්‍රෝහී වීම යන චෝදනාව යටතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ක්‍රි. ව. 1812 පිළිමතලාවේ අධිකාරම් සහ ඔහුගේ හිතවතුන්ටත්, ක්‍රි.ව. 1814 ඇහැලේපොළ අධිකාරම්තුමාගේa පවුලේ සාමාජිකයන්ට මරණීය ද`ඩුවම් පමුණුවන ලදී. මීට අමතරව රාජකාරිය පැහැර හරින හෝ විනය විරෝධි ක්‍රියා සිදු කරන නිලධාරීන්ට සහ සෙබලුන්ට රජු අතින් ස්‌ථානෝචිත ද`ඩුවම් පමුණුවන ලදී. ඒවා අතර දඩ ගැසීම, සිරගෙයි ලෑම, ඉඩකඩම් දේපල රාජ සන්තක කිරීම, දුෂ්කර ව්‍යාපෘතිවල යෙදවීම සහ තදින් අවවාද කිරීම වැනි ද`ඩුවම් මූලික විය. සටනේ අදක්‌ෂ සෙබළුන්ට ලබාදුන් ද`ඩුවම් වූයේ නිරන්තර යුද්ධ පුහුණුවයි. මේ බව රොබට්‌ නොක්‌ස්‌ පෙරිද්දෙන් අවධාරණය කරයි. ර-ජුරුවන් විසින් යවන ලද යුද්ධ භටයන් ස්‌වකීය සංග්‍රාම කාර්යයේදී සාර්ථක ලෙස ක්‍රියා නොකළ බව රජුට පෙනී ගියහොත්, ඔවුන් එයින් පසුව ඉතා දුෂ්කර කාර්ය යොදවා බර වැඩ කරන්නට සැලැස්‌සීම නිසැක සිද්ධියකි. ඔවුන් සිය අවි නිසි පරිදි පරිහරණය නොකිරීමේ වරදට රජතුමා ඔවුන්හට දෙන ද`ඩුවම නම් නිරන්තර අවි හරඹ පුහුණුවයි. මෙම අවි හරඹ පුහුණුව ස`දහා බැහැරටම යා යුතුය. එසේ නැවති සිටිනතාක්‌ කල් ඔවුන්ගේ ආහාර පානාදිය පිළිබ`ද වියදම් ඔවුන් විසින්ම දැරිය යුතු වෙයි... (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව, පිටු. 183 - 184) ඇතැම්විට ඉලක්‌කගත මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිලධාරීන්ට රාජ උදහස ලැබ ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය. ක්‍රි.ව. 1803 ඉංග්‍රීසීන්ට අයත් හංවැල්ල බලකොටුව අත්පත් කර ගැනීමට නොහැකි වූ ලෙව්කේ දිසාවට සහ පලිපාන මොහොට්‌ටාල යන යුද්ධ නිලධාරීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්‌ව මරණීය දණ්‌ඩනයට යටත් වීමට සිදුවිය. 

තවද යුද්ධ පුහුණු ක`දවුරෙන් පලා යන අයවලුන් අත් අඩංගුවට ගැනීම ස`දහා රජු විසින් රාජ පුරුෂයන් පත් කරන ලදී. උක්‌ත ක්‍රියාමාර්ගවලින් රජු බලාපොරොත්තු වූයේ දක්‌ෂ, ස්‌වපක්‍ෂපාතී, විනයානුකූල සහ සංවිධානාත්මක සිංහල යුද්ධ හමුදාවකි. මෙම`ගින් වක්‍රාකාරව මහජනතාව ගේ පක්‍ෂපාතීත්වය ලැබුණි. ගරිල්ලා යුධෝපායික වශයෙන් වැදගත් ස්‌ථානවල වනාන්තර එළි කිරීම, පාලම් දැමීම, මාර්ග ඉදිකිරීම රජුගේ නියෝගයෙන් තහනම් කරන ලදී. මෙපරිද්දෙන් රජ අණින් කැලෑ කපා දැමීම නතර කිරීම හේතුකොට ගෙන යූරෝපීයන්ට සිදුවූ අපහසුතාවයන් බ්‍රිතාන්‍ය හෙන්රි මාර්ෂල් මෙලෙස පෙන්වා දෙයි. රටේ වැඩි කොටසක්‌ ගස්‌වලින් හා වන ලැහැබවලින් වැසී පවත්නා හෙයින් ආක්‍රමණික සතුරා වෙඩි වැදෙන මානයට පැමිණෙන තෙක්‌ ස්‌වදේශීන්ට සැ`ගව සිටිය හැකිය. (හෙන්රි මාර්ෂල්, සිංහලේ, පි. 35) දේශසීමාසන්න සහ රට අභ්‍යාන්තරයේ කපොලු දුර්ග, නගර සහ තොටුපල ආශ්‍රිත බලකොටු , මුරපොලවල්, සංවිධානය කිරීම සහ ඒවායේ නඩත්තුව ස`දහා යාබද ගම්මාන ප්‍රදානය කළේ ද රජු විසිනි. ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය අවි ආයුධ, සන්නාහ නිෂ්පාදනය කිරීම ස`දහා රාජධානිය පුරා කම්මල් පිහිටුවීම රජුගේ නියෝගයෙන් සිදුවිය. මන්දාරම්පුර පුවතෙහි පහත දැක්‌වෙන කවියෙන් පෘතුගීසීන් පැරදවීම ස`දහා ෂ විමලධර්මසූරිය රජුගේ නියෝගයෙන් උඩරට රාජධානිය පුරා අවි ආයුධ නිෂ්පාදන කම්මල් පිහිට වූ ආකාරය මොනවට පැහැදිලි වෙයි. 152. හම්බන්තොට ගිරිවාරි ඌව දෙදුම්බර බිම්තැන් නා සපරගමුව සහ සත් - මන්නාරම් තිබේ නා යකඩ ලොහෝ කම්හල් - එකසිය රිසැත්තෑ පමණ ව නා කරවා දහස්‌ ගණන් - නිරතුරු නක දන වැඩ කර නා හදිසි යුද්ධ අවස්‌ථාවකදී රාජකාරී ක්‍රමය යටතේ අතිරේක සෙබළුන් බ`දවා ගැනීම ස`දහා රජු විසින් වැඩි වශයෙන් හේවාගම්, රාජකාරි ඉඩම් සහ පරවේණි රාජකාරී ඉඩම් පවරන ලදී. මැලේ, නීග්‍රෝ යනාදී කුලී සෙබළුන් රජු විසින් රාජකීය භාණ්‌ඩාගාරය හරහා වේතන ගෙවන ලදී. නිලධාරීන් සහ සේනා පරිපාලනයට අමතරව ක්‍රමවත් ආරක්‌ෂක සංවිධානයක අත්‍යවශ්‍ය සාධක වන යුද්ධ පුහුණුව, යුධෝපකරණ නිෂ්පාදනය, සන්නිවේදන ඔත්තු සේවා සහ බලකොටු ඉදිකිරීමද රජුගේ නියෝගලත් නිලධාරීහු ක්‍රියාගත කළ බව පෙනේ. මීට අමතරව යුද්ධයකදී සෙබළුන්ට අවශ්‍ය වන අවි ආයුධ සහ ආහාර ද්‍රව්‍ය සපයන ලද්දේ රජුගේ අනුග්‍රහයෙනි. ඒ බව හෙන්රි මාර්ෂල් මෙලෙස පෙන්වා දෙයි. සිංහලේ රාජ්‍යයේ හෙවත් උඩරට යුද්ධ ආරක්‌ෂා සංවිධාන සම්බන්ධයෙහිලා නිලමෙවරු තම ඉඩම් සේවා භුක්‌තිය යටතේ භුක්‌ති වි`දි බවත්, ආඥා ලැබුණු විට තම නිලකාරයන් පිරිවරා රජුට සහාය වූ බවත් ස`දහන් කිරීම වැදගත්ය. එක්‌ එක්‌ නිලධාරියාට හෙවත් හේවායාට තුවක්‌කුවක්‌, පසළොස්‌ දිනකට සෑහෙන ආහාර ද්‍රව්‍ය හා බත් පිසීම පිණිස කුඩා මැටි බ`දුනක්‌ බැගින් සපයනු ලැබේ. දිවයිනේ නැගෙනහිර දෙසින් පැමිණ නිලකාරයෝ නිතරම දුනු හීගෙන සිටියහ. පසළොස්‌ දිනක යුද්ධ සේවය ස`දහා උඩරට හේවායකුට සැපයුණු මු`ඵ ආහාර තොගය කුරහන් පිටියෙන් කළ රොටී කීපයක්‌, හාල් ටිකක්‌, පොල් ගෙඩි කීපයක්‌ යන මෙයට සීමා විය...... (හෙන්රි මාර්ෂල්, සිංහලේ, පිටු. 34) විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ සහ සෙබලුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම, උපරිම සේවය ලබා ගැනීම සහ රාජපාක්‍ෂිකභාවය තහවුරු කිරීම ස`දහා රජු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ඒ අතර උසස්‌ වීම්, සන්නස්‌ හෙවත් රාජකීය දීමනා, නම්බුනාම, ගම්බිම් වරප්‍රසාද සහ අලංකාර සිහිවටන ලබාදීම ප්‍රමුඛස්‌ථානය ගනී. ද්‍රවිඩ කැරලිකරුවන්ට එරෙහිව මන්දාරම්පුර පුවත ජයගත් අවස්‌ථාවෙහි රණශූරයන්ට ෂ විමලධර්මසූරිය රජු විසින් ලබාදුන් ප්‍රදාන දැක්‌වෙන කවි පෙළක්‌ පහත දැක්‌වෙයි. 136. වීරසිහ ඇමතිහට සහ ගැති තිදෙ න අත්තන කුඹුර උඩුතුල් හොය ද හිම ව න සීතාමුදුන ඉම්කර වැටකේපත න නින්ද බුක්‌ති කරුණා පණතට දුන් න 142. වීරසූරි, දිවාරත්න ද හ`ඵවඩ න රාවණ කොඩිය, තොප්පිය සහ රන්වති න හේවාවසම වාසලදුරය සම`ගි න හ`ඵවඩනා නිලය ද වෙන වෙනම දු න (මන්දාරම් පුර පුවත,ලබුගම ලංකානන්ද හිමි, පිටු. 18) යුද්ධයකදී මිය යන සතුරකුගේ හිසකට මුදල් ත්‍යාගයක්‌ දීම ද මෙහි එක්‌ අගංයකි. විශේෂයෙන්ම සෙබළුන්ගේ සහ මහජනතාවගේ සිත්වල ඉහළ යුද්ධ මානසිකත්වයක්‌ ඇති කිරීම ස`දහා රජු විසින් අගනුවර ප්‍රසිද්ධ ස්‌ථානවල මහා යුද්ධ අභ්‍යාස, විජය මහෝත්සව (Triumph) හෙවත් ජය පෙරහැර සහ අංගම්පොර ක්‍රීඩා උත්සව සංවිධානය කරන ලදී. (පි. ඒ. පී. දැරණියගල, සිංහල ත්‍රාසජනක ක්‍රීඩා, පිටු. 7) II රාජසිංහ රජු දවස එලෙස සංවිධානය කරන ලද ජය පෙරහැරක්‌ පිළිබ`දව රොබට්‌ නොක්‌ස්‌ මෙලෙස දක්‌වයි. රජුගේ තුවක්‌කු ගබඩාවෙහි ලන්දේසීන්ගෙන් පැහැර ගන්නා ලද තුවක්‌කු හත අටක්‌ ඇත්තේය. මේ සුවිශාල තුවක්‌කු විසිතුරු කරන ලද යුද්ධ රථවල නංවා ඇත. ආරක්‌ෂාව ස`දහා සුරක්‌ෂිත ලෙස යුද්ධායුධ ආගාරයක තැන්පත් කොට ඇති මේ යුද්ධ තුවක්‌කු උත්සව දිනවලදී මහරජතුමා විසින් පාවිච්චි කරනු ලැබේ. මෙම තුවක්‌කුවලට වඩා අගනා වූ පිත්තලෙන් නිමවන ලද ලංකාවේ තුවක්‌කු එමට ඇතත් මෙම ඕලන්දක්‌කාර තුවක්‌කු මෙතරම් ආරක්‌ෂා සහිතව ප්‍රදර්ශනය පිණිස තබා ඇත්තේ, ස්‌වකීය යුද්ධ ජයග්‍රහන පිළිබ`ද ස්‌මාරක වස්‌තූන් වශයෙනැයි සිතමි. (රොබට්‌ නොක්‌ස්‌, එදා හෙළ දිව,පිටු. 144) උක්‌ත අධ්‍යයනවලට අනුව සියවස්‌ තුනකට ආසන්න කාලයක්‌ උඩරට රාජධානිය සුරක්‌ෂිත කළ එහි උපායෝචිත, ක්‍රමික ආරක්‌ෂක සංවිධානය තුළ රජතුමා සතුව විශාල වගකීම් සමුදායක්‌ පැවති බව මෙම`ගින් නිගමනය කළ හැක. 

උපුටා ගැනීම - දිවයින




ශ්‍රී ලාංකේය අතීතයට එබී බැලීමක් - රාවණා රජු.

රාවණා යනු කවුද...?




බුදුන් වහන්සේද ‘යක්ඛ’යන පදයෙන් හැදින්විය හැකි බව සංයුක්ත නිකායේ ‘දාතියා සක්ක නමස්සන’සූත‍්‍රයේ දැක්වේ.

නොයෙක් මිසදුටු ගත්
අයෙක් කෙළි නළු රස දත්
පෙර තම තමනු ගත්
රාම සීතා කතා තෙප ලත්

මෙය ගිරා සංදේශ කාව්‍යයේ එක කවකි.මෙයට අනුව ‘රාවණා’කතා ප‍්‍රවෘත්තිය මිත්‍යාදෘෂ්ටිකයන්ගේ අදහසකි.එනම් රාම-රාවණා යුද්ධය බේගලකි.එය කිසිවෙකු කිසි කලක මතු නොකළ යුත්තකි.එය එසේමද?එසේ නැතහොත් බෙංගාලි චරිතයක් ඔස්සේ ඉන්දීය ආධිපත්‍යයට එරෙහි වූ මතවාදය යටපත් කිරීමට දැරූ ප‍්‍රයත්නයක්ද?

නාසා ආයතනයේ නිල වෙබ් අඩවියට අනුව රාම-රාවණා යුද්ධයේදී තනන ලදැයි කියැවෙන ආදම්ගේ පාලම මානව නිර්මාණයකි.එය ස්භාවික ගල් පවුරක් නොවන බව විද්‍යානුකූලව තහවුරු කර ඇත.එහෙත් එය රාම-රාවණා යුද්ධයේදී ඉදිකළ බවට තහවුරුවක් ලබාගත නොහැකි විය.

රාවණා යුද්ධයේදී එක් කරුණක් විද්‍යාත්මකව පිළිගැනේද?අනෙක් අතට රාම-රාවණා යුද්ධ විග‍්‍රහ කරමින් ලියූ ‘ජානකීහරණය’ලංකාවෙන් පිටුවහල් කර ඇත.අතීත කාලයේදී සිංහලයෙකු අතින් ලියවුණ ශ්‍රේෂ්ඨතම සංස්කෘත කාව්‍ය ලෙස ජානකීහරණය සැලකෙයි.එය මෙරට බෞද්ධ ආරාම වල දක්නට නොලැබීම විශ්මයකි.එහෙත් මෙම කාව්‍යයේ මලයාලි පරිවර්තනයක් දකුණු ඉන්දියාවේ මලබාර් ප‍්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි විය.ඒ සමගම ජානකීහරණය ගැන සංවාදය ආරම්භ විය.ජානකී යනු සීතාය.‘ජානකීහරණය’ යනු ‘සීතා පැහැරගැනීම’ය.ග‍්‍රන්ථයේ සදහන් වන අන්දමට එහි කතුවරයා කුමාරදාස නැමති රාජවංශිකයෙකි.ඒ අනුව එම කතුවරයා ලාංකිකයෙකු බවට පිළිගත හැකිය.මෙවිට අමතරව වාල්මිකී හා කම්බන්ද ‘රාමායණය’ මගින් රාම-රාවණා යුද්ධය පිළිබදව ලියා ඇත.

මේ සියලූ ලේඛන ප‍්‍රබන්ධ ගණයට තල්ලූ කෙරෙයි.එහෙත් ගෝමර් ලියූ ‘ඉලියඞ් හා ඔඩිසි’ඉතිහාසය සැබෑ ලෙස දක්වන වීර කාව්‍යක් බවට පිළිගනියි.මෙම මහා කාව්‍ය ද්විත්වය එකම කවියෙකුගේ නිර්මාණද යන සැකය මතු කරන තරමටම පසුකාලීනව ඒවා විකෘති කර ඇත.එහෙත් අදත් ග‍්‍රීක ශිෂ්ටාචාරයේ සම්භවය ගැන කතා කරන්නෙකු ඉලියඞ් හා ඔඩිසි අමතක කරන්නේ නැත.රාමායණය හා ජානකීහරණයට වෙනම හැන්දකින් බෙදීමට තුඩුදුන් කරුණු කවරේද?

රාමායණය ලියවුණු කාලය පිළිබදවද විවිධ මතවාද ඇත.ඇතැමෙක් එය කි‍්‍ර.පූ 6000-5000ත් අතර පළවූ බව කියති.මහාචාර්ය විජය දිසානායක පවසන අන්දමට රාමායණය බිහිව ඇත්තේ කි‍්‍ර.පූ 867102 වැනි වර්ෂයේය.එනම් තෙත යුගයේදීය.රාමගේ සමකාලීන තැනැත්තෙකු විසින් රාමායණය මුල්වරට ලියූ බවට එක් මතයකි.තවත් මතයකට අනුව එය කි‍්‍ර.පූ 2000-1500 අතර යුගයේදී බිහි වූ වීර කාව්‍යක් බව කියවෙයි.

රාමායණයේ සදහන් ප‍්‍රධාන වීරයකු වන්නේ දශරථ රජුගේ පුත් රාමයන්ය.ඔහු මිතිලා නුවර අගනුවර කරගත් විදේශ රාජ්‍යයේ ජනක රජුගේ දියණිය වූ සීතාවන් තම බිසව කොට ගත්තේය.දැනට නේපාල දේශසීමාවේ පිහිටි කුඩා නගරයක් වූ ජනකපුරය රාමායණයේ සදහන් මෙම නගරය බව කනිංහැම් නැමති පුරාවිද්‍යාඥයා සදහන් කර ඇත.

මෙයට වෙනස් මතයක් දක්වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර රාම යනු පිටසක්වල ජීවියෙකු බවට සැකයක් පවතින බව දක්වයි.ඔහු එම මතයට පැමිණීමට පාදක වී ඇත්තේ රාම පිළිබදව ඇති අල්ප තොරතුරු සමුදායයි.

රාමායණයේද,ඉන්පසු පළ වූ වෙනත් කෘතිවලද රාවණ හදුන්වා ඇත්තේ යක්ෂ නායකයෙකු ලෙසය.මහාවංශය දක්වන්නේද විජය ලංකාවට පැමිණීමට පෙර මෙරට යක්ෂයන් සිටි බවයි.මෙම යක්ෂයන් කුමන වර්ගයකදැයි අපට ඇතිවන්නේ ව්‍යාකූල තත්ත්වයකි.රාමායණයේම තවත් තැනක මෙම යක්ෂ නායකයන්ගේ මන්දිරය වූයේ ති‍්‍රකූට මස්තකයේ බව සදහන් කරයි.මෙතරම් බලසම්පන්න ශිෂ්ටාචාරයක් පරාජය කිරීමට නොහැකි වේ යැයි ‘රාවණාගේ ලංකාපුරය’ දකින හනුමාන් විශ්මිත වන විස්තරයක්ද රාමායණයේ අන්තර්ගත වේ.

රාමායණයේ සදහන් වන රාවණාගේ මෙම මාලිගාව සීගිරිය යැයි සැක සිතීමට බොහෝ කරුණු ඇත.මේ වනවිට අනාවරණය කරගෙන ඇති බිතුසිතුවම්ද කි‍්‍ර.පූ පළමු සියවසට වඩා පැරණි බව විද්වත්හු පවසති.දැනට සීගිරියේ අප දකින ලලනා රූප වලට යටින් සිතුවම් ස්ථර තුනක් පමණ ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

මෙම මතය තහවුරු කර ගැනීමට ජනශ‍්‍රැතියද උපස්ථම්භක වේ.පහත දැක්වෙන්නේ එබදු ජන කවියකි.

ප‍්‍රශ්නය

සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ
සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස්වන්නේ කවුරුන්දෝ
මෙතුන් පදේ විසදන්නේ කවුරුන්දෝ

පිළිතුර

සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරි දිස්වෙනවා
මෙතුන් පදේ නිසි ලෙස මා විසදනවා

තවදුරටත් රාම රාවණා යුද්ධයෙන් පසු සුනාමි තත්ත්වයක් ඇති වූ බවට විද්වත් මතයක් පවතී.මෙහිදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම නිසා මුහුද ගොඩගැලීම ඇති වූ බවට ඇතැම්හු කියති.මධ්‍යකාලීන සිංහල කෘතියක් වන රාජාවලියේද එයට සමාන අදහසක් පළකර ඇත.එයට අනුව ‘පුරාණයේදී තූත්තුකුඩිය හා ලංකාව අතර භූමිය එය පාලනය කළ රාවණාගේ අධර්මිෂ්ටභාවය නිසා එහි වූ මහා බළකොටුවක්,මාළිගා විසිපහක්,විසිහාර ලක්ෂයක් ඇතුළු ඔහුගේ රාජ්‍ය මුහුද විසින් ගිලගනු ලැබීය.’

ද්‍රවිඩ මහා කාව්‍යක් වන සීලප්පදිකාමේ ග‍්‍රන්ථයේද දක්වන්නේ රාවණාගේ අධර්මිෂ්ට පාලනය නිසා ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව වෙනස් වූ බවයි.

එසේම ඇතැමෙක් රාවණා දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස කරුණු දක්වයි.සංස්කෘත භාෂාවෙන් ප‍්‍රකට ආයුර්වේද ග‍්‍රන්ථ රචනා කළ තැනැත්තා රාවණා බවද ඔවූහු සදහන් කරති.ලාදුරු රෝගය ඇතුළු රෝග රැුසකට ඖෂධ නියම කිරීමේ අත්පොතක් ලෙස ‘අර්ක ප‍්‍රකාශය’ රාවණා විසින් රචනා කරන ලද්දකැයි පැවසෙයි.එයට අමතරව කුමාර තන්ත‍්‍රය,නාමි ප‍්‍රකාශය යන ආයුර්වේද ග‍්‍රන්ථද රාවණයන්ගේ කෘතීන් බව පිළිගැනෙයි.ඒ බව තහවුරු කරන විද්‍යාර්ථින් අර්ක ප‍්‍රකාශයේ අවසන් පරිච්ඡේද උපුටා දක්වති.එහි දැක්වෙන්නේ ලංකාධිපති රාවණා විසින් ප‍්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙයින් නිමැවෙන බවයි.මේ අනුව අර්ක ප‍්‍රකාශය එවක ආයුර්වේද වෛද්‍යවරුන්ගේ කෝෂ ග‍්‍රන්ථයක් විනැයි සැලකිය හැකිය.එය එක් එක් අයගේ පර්යේෂණ පති‍්‍රකා ඇතුළත් සාර සංග‍්‍රහයක් බ`දුය.රාවණා රජු ඉන් සර්ග සියයක් හෙවත් පර්යේෂණ පති‍්‍රකා සියයක් ඉදිරිපත් කර ඇත.

එය තහවුරු කරන්නේ ධන්වන්තරීගේ ප‍්‍රධානත්වයෙන් පුලස්ති,නාරද හා අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව පැවැත්වූ ආයුර්වේද සම්මන්ත‍්‍රණයට රාවණා සහභාගී වූ බව ආයුර්වේද වෛද්‍යවරුන් අතරේ පවතින පිළිගැනීම නිසාය.‘මෝහන ප‍්‍රතිකාරය’හා ‘උද්දීශ ග‍්‍රන්ථය’රාවණා විසින් රචනා කරන ලද්දේ මෙම සමුළුවේදී කරන ලද ඉල්ලීමක් වශයෙන් යැයිද පිළිගැනෙයි.

රාවණා වීණාව නැමති සංගීත භාණ්ඩයක් විසින් සකස්කරන ලද බව පිළිගැනෙයි.මෙය ලොව ප‍්‍රථම වයලීනය විය හැකි බව සංගීතවේදී දිනේෂ් සුබසිංහ සදහන් කරයි.ඔහු මෙම රාවණා වීණාවේ අනුරුවක් තැනීමට උත්සාහ දැරූ අයෙකි.

රාවණා හිතලූවක් යැයි කියන විදග්ධයෝද වෙති.ඔවූහු රාවණා මතවාදය පිළිකෙව් කරන්නේ මහා විහාරික ගුරු කුලයේ බලපෑම නිසාද?

කෙසේ වෙතත් රාවණා යක්ෂ පරපුරක නායකයා යැයි සදහන් කිරීමේ වෙනත් අරුතක් පවතින බවද කියැවේ.එනම් ‘යක්ඛ’ යන පදයෙන් වන්දනීය හෝ වැදුම් ලැබීමට සුදුසු යන අරුතක් ගැබ්ව ඇත.බුදුන් වහන්සේද තමන් වහන්සේ යක්ඛ යන පදයෙන් හැ`දින්වීය හැකි බව දක්වා ඇත.

සංයුක්ත නිකායේ දුතියා සක්ක නමස්සන සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ‘යක්ඛ’ යන පදයෙන් හදුන්වා ඇත.ඒ අරුත අනුව රාවණා යක්ඛ සේනාධිපති යනුවෙන් හැදින්වූයේ ඇයි?


පිරිත් නූලට පුංචි විවරණයක්...


Source : GOOGLE


පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ
න ච හෙස්‌සති වෝභයං
ඉති වත්වා කුන්ඩිකාය
තේ ජලේන නිසිංචිය

මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.

සුත්තංච තේසං හත්ෙථිසු
ලගෙත්වා නභසාගමා

පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.

මූලාශ්‍ර: කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී පූජ්‍ය ගෝණදෙණියේ සීවලී හිමි 2010/09/19 දිවයින ට ලියන ලද ලිපිය